වසා යන්නකෝ හද දොර සෙමින්
මගේ හැගුම් තව නොරිදමින්
කොහි යම්ද මා නුබගෙ පෙමින්
බැදි උන් ආලේ නමින්
හද සිහිසුන් කල විරාම කොතරම්
ජීවන සංග්‍රාමේ
මේ පුහුදුන් බිම එපා වෙලා
සංක්‍රාන්තියකි ප්‍රේමේ
නුඹ මිහිදන් කල සෙනෙහේ කදුලැල්
සෝ බර ගිම්හානේ
සිතු සිහිලැල් කර ගෙනේවි සැනසුම්
ඊලග වස්සානේ
සිත ඉහිලුම් නැහැ අතීත සැමරුම්
පාරයි සංසාරේ
දුක ඉවසම් තව ඉදීවි කොතෙක් කල්
මේ දිවි කාන්තාරේ
සාගරයක් සරි ආලෙට ගැරහුම්
පවු පුරවනවානේ
මේ අහසත් පොලවත් දෙයි දිවුරුම්
ප්‍රේමය ගැන මාගේ
වසා යන්නකෝ හද දොර සෙමින්
මගේ හැගුම් තව නොරිදමින්
කොහි යම්ද මා නුබගෙ පෙමින්
බැදි උන් ආලේ නමින්
වසා යන්නකෝ හද දොර සෙමින්
මගේ හැගුම් තව නොරිදමින්
කොහි යම්ද මා නුබගෙ පෙමින්
බැදි උන් ආලේ නමින්
0 comments:
Post a Comment