Saturday, November 24, 2012

Freedom - Nicki Minaj - With Sinhala Subtitle


ඔන්න එහෙනම් යාලුවනේ පොරොන්දු වුනා වගේ. මං අද ලබා දෙන අනික් ගීතය තමයි මෙ දෙන්න හදන්නේ. මේක ඇවිල්ලා මේ දවස් වල ගොඩක් ජනප්‍රිය ගායිකාවක් වන Nicki Minaj විසින් ගායනා කරන Freedom යන නම් දරාපු ගීතය. ගීතය ගැනත් පොඩි සදහනක් කලොත්.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ මේ මාසේ ඒකියන්නේ 2012 නොවැම්බර් මාසේ 03 වෙනිදා. තව මේ ගීතයේ වීඩියෝ දර්ෂනය නිකුත් කරලා තියෙන්නේ දවස් හතරකට උඩදි ඒ කියන්නේ 2012 නොවැම්බර් 20 වෙනිදා. ඒ කියන්නේ මේක අලුත්ම අලුත් ගීතයක්. මේ ගීතයට රචනයෙන් දායක වෙලා තියෙනවා Onika Maraj, Matthew Samuels, Matthew Burnett යන තිදෙනා. ඒ වගේම ඔයාලට මතක ඇති මං මෙයාගේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තව ගීතයක් දුන්නා. අර බිබර් කොලුවා එක්ක කියන එක. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. එහෙනම් මේ ගීතය ගැනත් වැඩිය කියන්න යන්නේ නැහැ. අලුත්ම ගීතයක්නේ. හැමෝම බලලා අදහසක් දාගෙනම යන්න. ඒක ඉදිරි ගමනට ධෛර්යයක් වේවි. එහෙනම් සැමට සුභ දවසක්.

අහිංසක හිත්නේ.

සැ.යු. පහතින් ලබා දී ඇති උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල ගුණාත්මක තාවයෙන් යුත් උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැකිය.


උපසිරැසිය අන්තර්ගත කල ඇති රූප රචනය

මුරපදය ලෙස dtlakmal.com දෙන්න.

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

2 comments: