Sunday, November 11, 2012

Nickelback - Someday - With Sinhala Subtitle



ඔන්න යාලුවනේ තවත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. ඇත්තම කියනවා නම් මේ ගීතයට උපසිරැසි ගැන්වුවේ මං නෙමී, මේ ගීතය තෝරගත්තෙත් මං නෙමී. මගේ යාලුවෙක් වන විනූ තමයි කිවුවේ මේ බෑන්ඩ් එකේ සිංදු වලටත් උපසිරැසි දාපන් කියලා. ඉතිං මං කිවුවා උබ දාලා දීපන් මං සයිට් එකට දාන්නම් කියලා. මිනිහත් හා කියලා වැඩේට බැහැලා කොහොම හරි වැඩි වෙලාවක් යන්න කලියෙන් මට වැඩේ කරලා දුන්නා. මේක තමයි විනූ ගේ පල වෙනි උපසිරැසි ගැන්වීම. තව ඉස්සරහටත් විනූගේ වැඩ කිඩ එහෙම බලාගන්න පුලුවන් වෙයි නේද විනූ මචෝ.. ?? :D එහෙනම් අපි සිංදුව ගැන පොඩි අදහසක් දැන ගමු.



මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ 2003 වසරේ අගෝස්තු මස 5 වෙනිදා. ඒ වගේම මේ ගීතය ගායනා කරන  කණ්ඩායම ගැන කිවුවොත් ඔවුන්ගේ නම තමයි Nickelback . මේ සංගීත කණ්ඩායමේ ආරම්භය ලෙස සනිටුහන් වෙන්නේ 1995 වර්ෂයයි. තව මේ ගීතය 2003 වසරේ කැනඩාවේ ගීත දර්ෂක වල නොකඩවා සති තුනක් පලවෙනි ස්ථානයේ රැදිලා තියෙනවා ඒ වගේම අමෙරිකාව තුල හත්වන ස්ථනයේත් රැදිලා ඉන්න පුලුවන් කම ලැබිලා තියෙනවා. තව ඇමෙරිකාවේ Billboard Hot 100 කියන ගීත දර්ෂකයේ හත් වන ස්ථානයත් U.S. Billboard Pop Songs දර්ෂකයේ දෙවන ස්ථානයත්, U.S. Billboard Adult Pop Songs දර්ෂකයේ පලමු ස්ථානයත් තව බොහොමයක් ගීත දර්ෂක වල ඉහල අගයක් වාර්ථා කිරීමට හැකි වෙලා තියෙනවා. ඒකෙන් පේනවනේ පරණ උනාට ගීතයේ තරම කොහොමද කියලා. අනික රොක් සංගීතයට කැමති අය නම් මේ ගීතයට ගොඩක් කැමති වේවි.



එහෙනම් මේ ගීතයත් නරඹලා. අපේ අලුත් සගයගේ පලමු නිර්මාණය සදහා ගුණ දොස් කියලා පහලින් අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.



එහෙනම් තවත් නැවුම් ගීතයකින් නැවත හමුවීමේ බලාපොරොත්තුවකින් අපි සමුගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි !!


මෙම සිංහල උපසිරැසියේ සම්පූර්ණ අයිතිය විනූ රමල් සොහොයුරා සතු වන අතර, උපුටා ගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
සැ.යු :  සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති විඩියෝ ගොනුව බා ගැනීමෙන්, උපසිරැසියේ සහ විඩීයෝවේ උපරිම ගුණාත්මකතාවය අත්විදිය හැකිය.


සිංහල උපසිරැසි අන්තර්ගත කල රූප රචනය

මුරපදයක් විමසුවහොත්  dtlakmal.com ලෙස ලබාදෙන්න

යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය


සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

0 comments:

Post a Comment