Monday, November 19, 2012

Omi, The Card Game in Sinhala for Android Users


ඔන්න එහෙනම් අපේ ඇන්ඩ්‍රොයිඩ් සෙට් එකට පොඩි ගේම් එකක් අරගෙන තමිය මං ආවේ. සෙල්ලස් කඩේ පැත්තේ කරක් ගහනකොට තමයි මටත් මේක සෙට් උනේ. වැඩක් නෑ කියලා වැඩේ සුපිරි ඕන්. වැඩි කතාවක් කියන්නේ නැතිව මං කියන්නම්කෝ මොකක්ද මේ ගේම් එක කියලා. අපේ රටේ මල ගෙයක් එහෙම කාරිය සිද්ද උනාම රෑ එලිවෙනතුරා නිදි මරන්න ඕනාවට කස්ටිය කොල 52ක් තියෙන කාඩ් කුට්ටමක් උස්සගෙන එකෙන් බාගයක් විතරම අයින් කරලා. හතර දෙනෙක් හතර පැත්තක ඉදගෙන. ඒක්කෙනාට කොල 8 ගානේ බෙදලා, තව මොනාද මන්දා තුරුම්පුද මොකක්ද එකක් කියලා එක එක කොල දදා ගොඩවල් ගහගෙන වැඩියෙන්ම ගොඩවල් ගත්ත කට්ටියට කැට ද මොනාද දිදි කරන සෙල්ලම නොවෑ මේක. හිහි

එහෙම කිවුවම නොදන්න කෙනෙක් නෑ මං හිතන්නේ. මේක තමයි "ඕමි" කියන්නේ. දැන් මල ගෙවල් ඕනා නෑ , හතර දෙනෙක් ඕනා නැහැ. ඔයාට තනියෙම මේ සෙල්ලම කරන්න පුලුවන් ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයත් එක්ක. පට්ට ඈ. අනික මේක අපේ මේ ලන්කාවේ කොල්ලන්ගේ වැඩක්නේ. ඉතිං දන්න සිංහලෙන්ම ඕමි ගහන් කැමති කට්ටියට තමයි මං මේක ගෙනාවේ. ගොඩක් අය මේ ගැන දන්නවත් ඇති. නොදන්න අය ඉන්නා නම් ඒ අයට තමයි ඕන් ගෙනාවේ. කට්ටිය අරගෙනම සෙල්ලම් කරලා බලන්න. හරිම ලේසි. නොදන්න අයත් අරගෙන බලන්න සෙල්ලම් කරලා. අමාරු නැහැ. එහෙනම් මේ වගේ තවත් සුකුරුත්තමක් සෙට් වුනොත් ආයේ අරගෙන එන්නම්කෝ ඔයාලගේ දැන ගනීම පිනිස. :)

මං මේකේ පින්කුව දෙන්නේ සෙල්ලම් කඩේම ලින්කුව. ඒකට ගිහින් අපේ මේ සහෝදරයින්ට තරු ලකුණු එහෙම දීලා පොඩ්ඩක් දිරිය දෙන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගියා. සැමට සුභ දවසක්..

ස්කිරින් සොට් ටිකකුත් දෙන්නම්කෝ....






මෙතනින් ගිහින් ගන්න ගේම් එක.

0 comments:

Post a Comment