Monday, November 26, 2012

Ludacris - Rest Of My Life ft Usher & David Guetta - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ මං තවත් අලුත් ගීතයකට සිංහල උපසිරස අරගෙන ආවා. මේකත් ගොඩක් ජනප්‍රිය ඇමෙරිකානු හිප්පොප් ගායකයෙක් තමයි ගායනා කරන්නේ. ඉතිං වෙනදා වගේම ගීතය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමුකෝ.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 නොවැම්බර් මාසයේ දෙවෙනිදා. ඒ වගේම මේ ගීතය ගායනා කරන්නේ ඇමෙරිකානු ප්‍රසිද්ද හිප් පොප් ගායන ශිල්පියෙකු වන Ludacris විසින්. තව මේ ගීතය ඔහු තනිවම ගායනා කරන ගීතයක් නෙමී. මේ ගීතයේ ඔහුගේ ගායනයට තව ගායකයින් දෙපලකයේ සහය ලැබෙනවා ඒ තමයි අම්භානෙක ප්‍රසිද්ද  Usher සහ David Guetta. මේ ගීතය Ludacris ගේ ඉදිරියේදි නිකුත් වීමට නියමිත අට වන ගීත ඇල්ඹමය වන   Ludaversal හි ඇතුලත් ගීතයක්. තව මේ ගීතය රචනා කරලා තියෙන්නේ  David Guetta, Marvin Scandrick, Christopher Bridges, Giorgio Tuinfort, Oscar Salinas, Usher Raymond IV, Juan Salinas Jr යන සෙට් එක. ඔය විදිහේ දේවල් ටිකක් තමයි ඉතිං කියන්න තියෙන්නේ.

එහෙනම් වෙනදා මගේම හැමෝම ගීතය රසවිදලා ඔයාලගේ අදහසුත් පහලින් දාගෙනම යන්නකෝ.

අහිංසක හිත්නේ.

සැ.යු. පහතින් ලබා දී ඇති සිංහල උපසිරස ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් ගීතය බා ගැනීමෙන් අනතුරුව උපසිරැසිය එයට යොදා නැරඹීමෙන් ඉතා ඉහල ගුණාත්මක තත්වයේ උපසිරැසියක් සහ රූප රචනයක් රස විදිය හැකිය.

උපසිරැසිය අන්තර්ගත කල රූප රචනය
මුරපදය ලෙස dtlakmal.com දෙන්න.

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

2 comments:

  1. නියමයි මචං තවතවත් ශක්තිය ලැබේවා

    ReplyDelete