Sunday, November 18, 2012

NE-YO - Let Me Love You - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ පොරොන්දු වුන විදිහට මං අදත් තව අලුත් ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේකත් මං අලුතෙන් පටන් ගත්තු වැඩේ කොටසක්. ඒ කිවුවේ බිල්බෝර්ඩ් ජනප්‍රියම ගීත 100 යේ පලමු ගීත දහයට ඇතුලත් වෙන ගීතයක් තමයි මං අරගෙන ආවේ. ගීතය ගැන සදහනක් කලොත්.

මේ ගීතය නිකුත් කරලා තියෙන්නේ මේ අවුරුද්දේ එනම් 2012 ජූලි 10වෙනිදා. ඒ වගේම මේ ගීතය තමයි බිල්බෝර්ඩ් ජනප්‍රියම ගීත 100 අතුරෙන් මේ වන විට අට වන ස්ථානය දිනා ගෙන තියෙන්නේ. මේ ගීතය ගායනා කරනු ලබන්නේ අමෙරිකාණු ප්‍රසිද්ද ගායකයෙක් සහ ගීත රචකයෙක් වන Ne-Yo විසින්. මේ ගීතය ඔහුගේ පස්වන ගීත ඇල්ඹමය වන R.E.D. (2012) හි ඇතුලත් ගීතයක්.  මේ ගීතයේ පද රචනයෙන් දායක වෙලා තියෙනවා Mikkel S. Erkisen, Sia Furler, Mark Hadfield, Tor E. Hermansen, Mike Di Scala, සහ Shaffer Smith යන පිරිස. ඔය වගේ දේවල් ටිකක් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් වැඩි කතා නවත්වලා ගීතය නරඹලා ඉමු. ගීතය නරඹලා නිකන් යන්නේ නැතිව පහලින් අදහසකුත් දාගෙනම යන්න හොදේ. ඒක ඉදිරි ගමනට ධෛර්යයක් වේවි. එහෙනම් නැවතත් හෙට දිනයේ හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. සැමට සුභ රාත්‍රියක්.

අහිංසක හිත්නේ.

සැ.යු : සිංහල උපසිරැසි ගොනුව සහ යූ නලයේ ඇති ඔරිජිනල් රූප රචනය බා ගැනීමෙන් අනතුරුව, උපසිරැසි ගොනුව එයට යොදා නැරඹීමෙන් වඩා ඉහල ගුණාත්මක තාවයෙන් යුත් රූප රචනයක් සහ උපසිරැසියක් රස විදිය හැකිය.

සිංහල උපසිරැසි ඇතුලත් කල රූප රචනය


මුරපදය ලෙස dtlakmal.com ලබා දෙන්න

යූ නලයේ ඇති රූප රචනය

සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

0 comments:

Post a Comment