Thursday, November 8, 2012

Pitbull - Rain Over Me ft Marc Anthony - With Sinhala Subtitle


ඔන්න යාලුවනේ පොරොන්දු වුන විදිහට මං අදත් තව ලස්සන ගීතයකට සිංහල උපසිරැසි අරගෙන ආවා. අද මං ගෙනාවේ ගොඩක්ම පරණ නැති ඉතාමත් ජනප්‍රිය ගීතයක්. ගීතය ගැන සදහනක් කලොත්.

මේ ගීතය මුලින්ම නිකුත් කරලා තියෙන්නේ 2011 වර්ෂයේ ජූනි 10වන දින. මේ ගීතයගායනා කරන්නේ ඇමෙරිකානු රැප් ගායක  Pitbull විසින් සහ Marc Anthony යන ගායකයින් දෙපල විසින්. තව මේ ගීතය ඇතුලත් වෙන්නේ Pitbull ගේ හය වෙනි ඇල්බම් එක Planet Pit යන්නෙහි. තව මේ ගීතයට හැකිවෙලා තියෙනවා ඇමෙරිකාවේ  Billboard Hot 100 ගීත අතුරින් තිස් වන තැන දිනාගන්න. ඔය වගේ දේවල් ටිකක් තමයි ගීතය ගැන කියන්නේ. වැඩිය කතා නැතුව අපි ගීතය රස විදිමු.

අදත් කියනවා මේ ගීතය යූ නලයෙන් ඔබට බා ගැනීමට පුලුවන් උපරිම ගුණාත්මක තාවයෙන්. එහෙම වීඩියෝ එක බාගෙන උපසිරැසි ගොනුවත් බාගෙන බලනවා නම් හොද ගුණාත්මක තත්වයකින් යුක්තව ගීතය සහ උපසිරැසිය ඔබට රසවිදින්න පුලුවන් වේවි. එහෙනම් හෙටත් මෙන් තව අලුත් ගීතයක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. සැමට තෙරුවන් සරණයි. !!

අහිංසක හිත්නේ. වැඩේ ගැන පහලින් අදහසක් දාගෙනම යන්ඩ හොදේ.. :)

සිංහල උපසිරැසිය අන්තර්ගත කල වීඩියෝ එක මෙතනින්
මුරපදයක් ඉල්ලුවහොත් dtlakmal ලෙස ලබාදෙන්න හොදේ.

යූ නලයේ ඇති ඔරිජිනල් විඩියෝ එක මෙතනින්.
සිංහල උපසිරැසි ගොනුව පහලින් බාගන්න
සිංහල

2 comments: