Thursday, November 15, 2012

Adding 3D Social Icons With Rotate Spin Effect To Blogger


ඔන්න යාලුවනේ මේ ටිකේම උපසිරැසි අරගෙන ආව නිසා මට හිතුනා අපේ බ්ලොග් කරන කට්ටියට පොඩි ගැජමැටික් එකක් කියලා දෙන්න. වැඩිය කතා නැතිව මොකක්ද කියලා කෙලින්ම බලමුකෝ. ඔයාලට පේනවද මේ මගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ උඩින් තියෙන පොඩි සුකුරුත්තම. මූණු පොතේ අයිනය, ට්විටරයේ, ගූගල් එකතු කිරීමේ, වගේ සෙට් එකක් තියෙන්නේ. එතනට මවුස් එක අරන් ගියාම දැක්කද ඒ අයිකන ටික කැරකෙනවා. :D ගති නේද. ඉතිං මං කියලා දෙන්න හැදුවේ ඒ ගැජට් එකම ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න විදිහක්. මහලොකු දෙයක් නැහැ ඉතිං කොපි පේස්ට් එකක් තමයි දාන්න තියෙන්නේ. එහෙනම් පියවරෙන් පියවර බලන්නකෝ.


Icon Icon Icon Icon

1 පියවර: මුලින්ම ඔයලගේ බ්ලොගර් ගිණුමට ලොග් වෙන්න.

2 පියවර: ඊලගට ඔයාලගේ බ්ලොග් එකේ Layout කියන ටැබ් එක ක්ලික් කරන්නකෝ. 

3 පියවර: ඊලගට තියෙනවා නිකන් කොටු කොටු ගොඩක්. එකෙන් ඔයා මේ ගැජට් එක දාන්න කැමති තැන තියෙනවනේ. එතනට ගිහින් එතන තියෙන කොටුවක තියෙන Add a Gadget කියන එක ක්ලික් කරන්නකෝ.

4 පියවර: ඊලට එයි වින්ඩෝ එකක්, එකේ පොඩ්ඩක් පල්ලෙහාට යනකොට දකින්න ලැබෙයි HTML/JavaScript කියලා එකක්. ඒක ක්ලික් කරන්න.

5 පියවර: ඊලගට ඒ වින්ඩෝ එකේම එයි ටයිප් කරන්න පුලුවන් වෙන්න ටෙක්ස් ෆීල්ඩ් දෙකක්. උඩම ටෙක්ස් ෆීල්ඩ් එකේ ඇත්තේ Tittle කියලා, අනිත් පහල තියෙන ලොකු ටෙක්ස් ෆීල්ඩ් එකේ ඇත්තේ Content කියලා.

6 පියවර: හරි දැන් මං මේ පහලින් දෙන කෝඩ් එක ඇතුලත් ටෙක්ස් ෆයිල් එක බාගන්නකෝ.

මෙතනින් කෝඩ් එක බාගන්න

7 පියවර: එහෙනම් කෝඩ් එක බාගත්තනම්. ඒ කොඩ් එක කොපි කරගෙන, අර Content කියන ටෙක්ස් ෆීල්ඩ් එකට පේස්ට් කරගන්න.

8 පියවර: හරිද. එහෙනම් පේස්ට් කරගත්තා නම්. ඔයාට පොඩි වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි ඔයාගේ මූණුපොතේ, ට්විටර් ගිණුමේ, ගූගල් ප්ලස් ගිනුමේ, RSS ගිණූමේ ලින්කු ටික මේ කෝඩ් එකට ඇතුලත් කරගන්න ඕනා.

ඒක හරිම ලේසි. පොඩ්ඩක් කියවගෙන යන්න කොඩ් එක, මුලින්ම ඔයාට හමුවෙයි Your-Feed-Url-Paste-Hear කියලා එකක්. ඒ පේලිය වෙනුවට ඔයාගේ  RSS ලිපිනය ලබා දෙන්න.

ඒ වගේම අනිත් ගිණුම් වලත් ලිපින ලබා දෙන්න. මං කියන්නම් ඒවා දාන්න ඕනා තැන් ටික.
Your-Feed-Email- Url-Paste Hear මෙතනට ඊමේල් ගිනුමේ RSS ලිපිනය ලබාදෙන්න
Your-Facebook Profile-URL-Paste Hear මෙතනට මූණු පොතේ ගිණුමේ ලිපිනය දෙන්න.
Your-Twitter-Profile-URL-Paste Hear මෙතනට ටිව්ටර් ගිණූමේ ලිපිනය දෙන්න
Your-Google Plus-URL-Paste Hear මෙතනට ගූගල් ප්ලස් ගිණූමේ ලිපිනය දෙන්න.

එච්චරයි. ඔය ටික දුන්නා නම් පහලින් තියෙන Save බටන් එක ක්ලික් කරන්න.

වැදගත් : යම් කිසි බොත්තමක් ඉවත් කරන්න වුවමනා නම්, මේ ආකාරය අනුගමනය කරන්න.

උදා ලෙස, RSS බොත්තම අයින් කරමු. <!--Start Rss Icon--> මෙතැන් පටන් <!--End Rss Icon--> මේ දක්වා ඇති කෝඩ් ටික සම්පූර්ණයෙන් ඉවත් කරන්න.

අනිකුත් බොත්තම් අයින් කරද්දිත් එසේමයි.

හොදයි. යම්කිස් ගැටලුවක් ආවොත් කියන්න. උදවුවක් දෙන්නම්. එහෙනම් හැමෝටම සුභ දවසක්. තව ටිකකින් අලුත් ගීතයකට උපසිරැසි දෙන්නත් තියෙනවා නේ. එහෙනම් මං ගියා. 

අහිංසක හිත්නේ. 




0 comments:

Post a Comment