දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා
වෙනසක් නැහැ මගේ සිහිනේ තාමත් මල් පිබිදෙන්නේ
රැවටුන මේ හිත මා ගේ තනිවුන බව නැහැ දන්නේ
උන් යහන පුරා විදි සුවද පවා නැත දුක විතරක් ඉතිරි වෙලා
දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා
කදුලක් කදුලක් ගානේ ඔය රුවමයි සිහි වෙන්නේ
මට නොලැබුන ඔබේ සෙනෙහේ වෙන කොහේ බව නැහැ දැනුනේ
ජීවිතය පුරා පැතු පැතුම් මකා ඔබ දුක විතරක් උරුම කලා
දුක වැඩි තරමට කඳුළු හෙලන්නට නෙත තවමත් විවර වෙලා
කවදාවත් හිමි නොවනට ඔබ මාගෙන් ඈත් වෙලා
හැඩවෙන නෙතගට තරවටු කෙරුවාට කඳුලැල් නෑ නතර වෙලා
හැමදාමත් රිදවන්නට ඔබ ගියෙ ඇයි ඈත්වෙලා
MP3 එක පහලින් බාගන්න
එල මතාන්
ReplyDeleteස්තුතියි සුදු මහත්තයෝ... :D
ReplyDelete